දැන් හරිනේ - රෝහිතගේ දුවගේ දේපල තහනම්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය ඉදිරි දින කිහිපය තුළ පොලිසියට භාර නොවන්නේ නම්, ඇයට අයත් දේපල තහනම් කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය අද (24) නිවේදනය කළේය.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් මෙරටට ආනයනය කර එකලස් කිරීම සම්බන්ධයෙන් සිදු වන විමර්ශනවලට අදාළව ඇය සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට නියමිතය.

පොලීසිය සඳහන් කරන්නේ, ඔවුන් රැඳී සිටින බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක් පරීක්ෂා කළද ඔවුන් එම ස්ථානවල නොපවතින බවයි.

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ තබාගෙන ඇත.