ගොවීන්ටත් රජයෙන් වැටුපක් - මෙන්න විස්තරේ
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වන බැවින් එහි බහුතරයක් වැඩිහිටි ජනතාවගේ මූලික ජීවනෝපාය ගොවිතැනයි. එම නිසාම ගොවිතැනම ජීවිතේ කරගත් ගොවියන් වෙනුවෙන් රජය විශේෂ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂක යෝජනා ක්‍රමය සඳහා ගොවීන් අටලක්ෂ හැත්තෑ එක් දහස් හාරසිය විසිපස් දෙනකු දායකත්වය ලබාදී ඇති බවත් එයින් ගොවීන් එක්ලක්ෂ හැත්තෑ අටදහස් නවසිය විසිහත් දෙනකු හට තැපැල් කාර්යාල තුන්දහස් නවසිය අසූනවයකින් විශ්‍රාම වැටුප් මාසිකව ලබාදෙන බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි.
[ERBKLRL[
විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලැබීම සඳහා දායකයන් මණ්ඩලය මගින් නියම කරන ලද වාරිකය නිසි අයුරින් ගෙවා නිමා කළ යුතු වේ.
කිසියම් දායකයකු පිළිවෙළින් වාරික 05ක් ගෙවීම් මඟහැර ඇත්නම් දායකත්වය අවලංගු වන අතර විශ්‍රාම වැටුප් හිමිකම අවලංගු වේ.
ඒ අනුව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පැවැති අවිනිශ්චිත තත්ත්වයත් දිවයිනේ පැවැති කොවිඩ් වසංගත තත්ත්වයත් ආදී හේතු සාධක හමුවේ බොහෝ දායකයන් යෝජනා ක්‍රමයේ දායක මුදල් ගෙවීම අතපසු කර ඇත.
නමුත් කාලයක් යෝජනා ක්‍රමය තුළ රැඳෙමින් විශ්‍රාම වැටුප් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් සියයට සියයක් වාරික ගෙවා අවසන් කර ඇති ගොවි මහතුන්හට අනෙකුත් වාරික සඳහා සලසන දින 60ක සහන කාලය අවසාන වාරිකය සඳහා ලබාදීම සිදුකර විශ්‍රාම වැටුපක් සකස් කර දීමට පොදු තීරණයක් ලෙස ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව නිර්දේශ කර අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ සඳහා යොමු කළ අතර ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවිය.
