රෝහිතගේ බෑනා අධිකරණයට භාරවේ

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා මීට සුළු මොහොතකට පෙර මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී තිබේ. ඒ, ආන්දෝලනාත්මක මෝටර් රථ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

අලුත් ලයිසන් එකක්, රු.500යි අංක තහඩු ගැනත් ප්‍රකාශයක් මෙන්න විස්තරේ

අලුත් ලයිසන් එකක්, රු.500යි අංක තහඩු ගැනත් ප්‍රකාශයක් මෙන්න විස්තරේ

ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට මාස 4කට පමණ ඉහත සිට විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම රථය මතුගම නගරයේ ධාවනය කරමින් ඇති බවට ලද තොරතුරකට අනුව පසුගිය (19) වනදා පස්වරුවේ එම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාල ජීප් රථය සමග එය පැදවූ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

වාර විභාග ගැන අවසන් තීන්දුව හෙට - සිසුන්ගේ අවධානය දැන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත

වාර විභාග ගැන අවසන් තීන්දුව හෙට - සිසුන්ගේ අවධානය දැන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා වන අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?