තුර්කියේ අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් ශ්‍රී ලංකාවට

Report

තුර්කි ජනරජයේ අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් මහතා අද (ජූලි 24) ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඔහු මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ආර්ථික සහ සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා පැවැත්වෙන ඒකාබද්ධ කමිටුවේ 3වන සැසිවාරයට සහභාගිවීමේ අරමුණින්ය.

දැන් හරිනේ - රෝහිතගේ දුවගේ දේපල තහනම්

දැන් හරිනේ - රෝහිතගේ දුවගේ දේපල තහනම්

මෙම සමුළුව කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වීමට නියමිත අතර, වෙළෙඳ අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබයි.

සමුළුවේදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, අධ්‍යාපන, තාක්ෂණ සහ තවත් ක්ෂේත්‍ර රැසකට අයත් සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීමට අවධානය යොමුවනු ඇත. අමාත්‍යවරයා සමඟ එරට ව්‍යාපාරික නියෝජිතයන් 08 දෙනෙකුගෙන් සමන්විත උසස් මට්ටමේ දූත පිරිසක්ද මෙරටට පැමිණ ඇත.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ඔවුන් අද අලුයම 5.05ට තුර්කි ගුවන් සේවයට අයත් TK-730 ගුවන් යානයෙන් ඉස්තාන්බුල් සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ.

මෙම පිරිස පිළිගැනීමට නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියේය. අමාත්‍ය ටෙකින් මහතා සහ ඔහුගේ නියෝජිත පිරිස සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරිය හමුවී, හෙට (ජූලි 25) රාත්‍රියේ ආපසු තුර්කිය බලා පිටත්ව යාමට නියමිතය.