සාමාන්‍ය ජනතාවටත් අලුත්ම වාහන - හැමෝගෙම ඇස් උඩ යන ආරංචියක්..
වාහන ආනයනකරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, සාමාන්‍ය ජනතාවට මිලදී ගැනීමට සුදුසු වාහන ආනයනයටද කඩිනමින් කටයුතු කළ යුතු බවයි.
ඊයේ (27) දිනයේදී, වාහන ආනයනයට අදාළව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ඒ 1969 ආනයන අපනයන පාලක නියාමන පනත යටතේයි.
ඒ අනුව, 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට මේ වසරේ ජනවාරි 27 වැනිදා දක්වා ආනයන අපනයන පාලකවරයාගේ රෙගුලාසි යටතේ ණයවර ලිපි නිකුත් කළ වාහන මුදාහැරීමට අදාළ ගැසට් නිවේදනයෙන් රේගු අධ්යක්ෂවරයාට අවසර හිමිවනවා.
එසේම, 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට 2025 වසරේ ජූලි 31 වැනිදා දක්වා වාහන ආනයනයට ද හැකියාව පවතිනවා. ආනයනය කරන මෝටර් වාහනය අලෙවි කිරීමට නම් දින 90 ක් ඇතුළත අදාළ ගැනුම්කරුගේ නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවයි, ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
වාහනය ලියාපදිංචිය සඳහා ආනයනකරු හෝ ගැනුම්කරු බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් අංකය ඇතුළත් අදාළ ලියකියවිලි ද ඉදිරිපත් කළ යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන්. මෙලෙස ආනයන සීමා ලිහිල් වන්නේ අදාළ රෙගුලාසි යටතේ ආනයනය කළහැකි සීමාවන්ට යටත්වූ වාහන කිහිපයක් සඳහා පමණයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන ආනයනකරුවන් හැර අනෙකුත් පුද්ගලයන්ට වසරක කාලයක් තුළ ආනයනය කිරීමට හැකියාව ඇත්තේ එක් වාහනයක් පමණක් බව ද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
යම් වාහන ආනයනකරුවෙකු මෙම වසරේ දෙසැම්බර් දක්වා මාස 06ක කාලයක් තුළ අනුමත වාහන සංඛ්‍යාවෙන් සියයට 25 ඉක්මවා ආනයනය කරන්නේ නම් එවැනි ආනයනකරුවෙකුට අවම වශයෙන් වසර 3ක් වාහන ආනයනය තහනම් කෙරෙනු ඇති.
අදාළ රෙගුලාසි උල්ලංඝනය කරමින් සහ වාහන ආනයනයට අදාළ නියාමනයන්ට අනුකූල නොවන ලෙස ආනයනය කරන වාහන අදාළ ආනයනකරු විසින් දින 90ක් තුළ ඔහුගේ වියදමින් ප්‍රති අපනයනය කළ යුතු වීමත් විශේෂත්වයක්.
ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ සහ ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ කොළඹ අද පැවති ප්රවෘත්ති සකච්ඡාවකදී සඳහන් කළේ සාමාන්‍ය ජනතාවට මිලදී ගැනීමට සුදුසු වාහන ආනයනයට ද කඩිනමින් කටයුතු සූදානම් කළ යුතු බවයි.
මේ අතර කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සද මේ සම්බන්ධයෙන් අදහස් පල කළා. එහිදී ඔහු කියා සිටියේ සියලු පාර්ශවයන්ට සාදාරණයක් වන පරිදි ඉදිරියේ දී වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අපේක්ෂා කරන බවයි.
You may like this video 👇