විදේශ රැකියා කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු හයටකට වැඩ වරදී..
විදේශ රැකියා සඳහා පුහුණුව නොලත් කාන්තාවන් ජාවාරම් කිරීමේ රුපියල් බිලියන 2.5 ක වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් හය දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
2022 සිට 2024 අගෝස්තු දක්වා කාලය තුළ අනිවාර්ය පූර්ව පිටවීමේ පුහුණුව සම්පූර්ණ නොකර කාන්තාවන් 35,000 කට ආසන්න සංඛ්‍යාවක් විදේශගත කර ඇත. පෙර අත්දැකීම් ව්‍යාජ ලෙස සහතික කිරීම සඳහා ව්‍යාජ ලියකියවිලි භාවිතා කරමින් එක් අයෙකුට රු. 100,000 සිට රු. 140,000 දක්වා අය කර ඇති බවයි වින්දිතයින්ගෙන් වාර්තා වන්නේ.
මෙම වංචාව කෝප් කමිටුවේදී සාකච්ඡා කරන ලද අතර වැඩිදුර විමර්ශනය සඳහා නඩුව අල්ලස් කොමිසමට යොමු කර තිබෙනවා.