2025 පළාත් පාලන ඡන්ද විමසීම අද....

Report

අද (06 වැනිදා) පළාත් පාලන ආයතන 339 ක් සඳහා සභිකයන් 8,287 ක් තෝරා පත්කර ගැනීමට අදාළ ඡන්ද විමසුම දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී පැවැත්වෙනවා.

පළාත් පාලන මැතිවරණයට දේශපාලන පක්ෂ 49 කින් සහ ස්වාධීන කණ්ඩායම් 257 කින් අපේක්ෂකෙයා් 75,589 දෙනකු තරඟ කරනු ලබනවා.

මෙම මැතිවරණයේදී මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද හිමියන් 17,156,338 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

මැතිවරණයට අදාළව පිළිගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 648,494 කි.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා මැතිවරණය පැවැත්වෙන අතර, ගණන් කිරීමේ මධ්‍යස්ථාන 5,783 කදී ඡන්දය ගණන් කෙරෙන බවයි.

ඔබත් මේ ලග්න වලද ...එහෙනම් ඔබට හදිසි ධන ලාභ

ඔබත් මේ ලග්න වලද ...එහෙනම් ඔබට හදිසි ධන ලාභ

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේද අදාළ ඡන්ද මධ්‍යස්ථානය තුළය.

මේ අනුව, ආකාර තුනකට ගණන් කිරීම සිදු කෙරේ.

ඡන්ද කොට්ඨාශයකට එක ඡන්ද පොළක් පමණක් පවතී නම් එම මධ්‍යස්ථානය තුළම ඡන්දය ගණන් කර ප්‍රකාශයට පත් කෙරෙන අතර, ඡන්ද කොට්ඨාශයක ඡන්ද පොළවල් එකකට වැඩි සංඛ්‍යාවක් පවතී නම් එක් එක් ඡන්ද පොළේ ඡන්දය ගණන් කිරීමෙන් අනතුරුව අදාළ කොට්ඨාශයේ ප්‍රතිඵලය ප්‍රකාශ කිරීම සඳහා කොට්ඨාශයේ පිහිටුවා තිබෙන ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන ඒමට නියමිතය.

මීට අමතරව, අනෙක් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටි කොට්ඨාශයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන විත් එහිදී වෙන වෙනම ඡන්දය ගණන් කර ප්‍රතිඵල සකස් කර ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අදාළ ඡන්දය ගණන් කිරීමේ කටයුතු කරනු ලබන්නේ ඡන්ද පොළේ කාර්ය මණ්ඩලය විසිනි. කොට්ඨාශ ප්‍රතිඵල ගණන් කිරීමේ කටයුතු පස්වරු 4 ට ආරම්භ කෙරෙන අතර, කොට්ඨාශයක ඡන්දය ගණන් කිරීමේ කටයුතු පැය දෙකකින් හෝ තුනකින් අවසන් කෙරේ.

ඡන්ද විමසීමට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ඡන්ද විමසීමට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ඡන්ද කොට්ඨාශ වශයෙන් ඡන්දය ගණන් කිරීමෙන් අනතුරුව එම ප්‍රතිඵල ලේඛන කොට්ඨාශ භාර සහකාර තේරීම්භාර නිලධාරියා විසින් අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රැගෙන යන අතර, එහිදී අදාළ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට අදාළ සමස්ථ ප්‍රතිඵලය සකස් කර මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශයට යවන්නේය.

මැතිවරණ කොමිෂන් සභාව එම ප්‍රතිඵලය අනුමත කිරීමෙන් පසුව මාධ්‍යයට නිකුත් කෙරේ.

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා පත්‍ර භාර ගැනීමේදී කාන්තා සහ තරුණ නියෝජනය අනිවාර්ය කර තිබිණි.

පළමු නාමයෝජනා පත්‍රයෙන් කාන්තා නියෝජනය සියයට 10 ක් වන අතර, අතිරේක නාම යෝජනා පත්‍රයෙන් කාන්තා නියෝජිත අගය සියයට 50 කි.

තරුණ නියෝජනය නාමයෝජනා පත්‍ර දෙකෙන්ම සියයට 25 කි. 

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්