වෙසක් දින උත්සවයේ ප්‍රධාන දේශනය අද ජනපතිගෙන්

Report

ජනපතිගෙන් වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) හෝ චි මිං නගරයේදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අතර එහි ප්‍රධාන දේශනයද සිදු කරනු ලබනවා.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවය අමතා සිය ප්‍රධාන දේශනය මෙරට වේලාවෙන් අද (06) පෙ.ව 7.40ට පමණ සිදු කිරීමට නියමිතය.

මෙම දේශනය අද පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ප.ව 5.00ට රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමටද කටයුතු යොදා තිබෙනවා.

මෙහි තේමාව වන්නේ “මානව ගරුත්වය සඳහා සහයෝගීතාව සහ ඉවසීම : ලෝක සාමය සහ තිරසර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය” යන්නයි.

මීට සමගාමීව හෙට ආරම්භ වන එක්සත් ජාතින්ගේ වෙසක් සැමරුම මැයි 08 වන දා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, ලාඕසය සහ කාම්බෝජය යන බෞද්ධ රටවල ඉහළ පෙළේ නියෝජිතයන්ද ඇතුළුව රටවල් සහ ප්‍රදේශ 85ක් නියෝජනය කරමින් 2,800ක් පමණ පිරිසක් ද ඒ සඳහා ඊට සහභාගී වීමට නියමිතය. 

විදේශ රැකියා කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු හයටකට වැඩ වරදී..

විදේශ රැකියා කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු හයටකට වැඩ වරදී..