වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගන්න යයි..වාහන වර්ග 67 ක ආනයනයට අවසර..

Shehan Semasinghe Sri Lanka Politician Electric Vehicle Department of Motor Vehicles
By Aruna Oct 05, 2023 05:54 AM GMT
Aruna

Aruna

Report

තවත් භාණ්ඩ 299 ක් සහ වාණිජ කටයුතු සඳහා භාවිත කරන වාහන වර්ග 67 ක ආනයන සීමා ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරි සති කිහිපය තුළ මෙම වාහන ආනයන සීමා ලිහිල් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එසේම පෞද්ගලික වාහනවලට අදාළ එච්.එස් කේත 304ක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තවමත් තීරණය කර නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

පැවති විදේශ විනිමය හිඟතාවය සහ අත්‍යාවශ සේවාවන් ජනතාවට සැපයීමට අවශ්‍ය හින්දා මේ රටට සිදුකරන ආනයනය සමහර දේවල් තාවකාලිකව තහනම් කළා.

සමහර දේවල් තහනමකට ලක්කිරීමක් සිදුකළා.

ඒ අනුව විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවට බලපෑමක් ඇති වුණා වගේම විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු කුඩා ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට බලපෑමක් ඇති වුණා.

එතකොට ආර්ථික ක්‍රියාකරකම්වලට හානි ඇති වුණා ඒ හරහා.