වාහන භාවිතා කරන සියලු දෙනාගේම විශේෂ අවධානය පිණිසයි....අනිවාර්යයෙන් කියවල බලන්න.

Sri Lanka Vehicles Government servant Vehicles market Oil problem
By Aruna Feb 22, 2022 08:16 AM GMT
Aruna

Aruna

Report

රජයේ වාහන අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා යෙදවීමෙන් වළකින්නැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි විසින් රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් යවමින් උපදෙස්දී තිබෙනවා.

එසේම අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා ඉන්ධන භාවිතා නොකරන ලෙසටද ඔහු දැනුම්දී ඇත.

මේ අතර රජයේ වාහන භාවිතා කරන ප්‍රධානීන් කොළඹ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ වැඩමුළු සහ සාකච්ඡා සඳහා කැඳවීම සීමා කිරීමටද අමාත්‍යංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඉන්ධන භාවිතය අඩු කිරීමත් ඉන්ධන සඳහා වැයවන වියදම අඩුකර ගැනීමත් අරමුණින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

රජයේ ආයතනවල නිලධාරීන් රජයේ වාහනවලින් කොළඹ රැස්වීම්වලට කැඳවීම වෙනුවට එම රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටද ඉදිරියේදී කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත් පෞද්ගලික වාහන භාවිතා කිරීම සම්බන්ධව තවමත් මෙලෙස සීමා සිදුකර නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now