වාහන ගන්න ඉන්න අයට සුබම සුබ ආරංචියක්...ජනපති ගෙන් දැනුම් දීමක්.

Sri Lanka Business Vehicle Kelaniya Gotabaya Rajapakshe
By Aruna Nov 25, 2021 08:40 AM GMT
Report

ඉලෙක්ට්‍රික් වාහන ආනයනයට අවස්ථාව කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්තවීමත් සමග මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ මෙරට තුළ පවතින ඩොලර් හිගය බව පැහැදිලිව රජය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් වාහනයක් මිලදී ගැනීමට සිහින මවන මෙරට වැසියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින බලාපොරොත්තුවක් ලබාදුනි.

ඒ ඉන්ධන වලින් ක්‍රියාකරන රථ වාහන වෙනුවෙන් විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන මෙරටට ආනයනය කිරීමටයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කල්‍යාණී රන් පිවිසුම නව කැලණී පාලම විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (24 වැනිදා) එක් වෙමිනි.

අපිට ගල් අගුරු නැහැ, අපිට තෙල් නැහැ.අපිට ගෑස් නැහැ. හැබැයි අපිට ජලය තියෙනවා. සුළග තියෙනවා. හිරු එළිය තියෙනවා. අපිට 71%ක් ඉන්ධන ගෙන එන්නේ වාහන වලට නම් ඇයි අපිට බැරි විදුලිබලයෙන් වැඩකරන වාහන මෙරටට ගෙන එන්නට. අපි මේවා ගැන හිතලා විසදුම් ගෙන එන්නට ඕනෙ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now