වාහන මිල ඉහළට..නිෂ්පාදන ආයතන වල තීරණය ප්‍රකාශ කෙරේ.

By Sewvandhi Dec 01, 2021 12:00 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වාහන මිල ඉහළ දැමීමට නිෂ්පාදන ආයතන තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. නිෂ්පාදන ආයතන කිහිපයක ප්‍රධානීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.

ඔවුන් පවසන්නේ වාහන නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස වාහන මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙලෙස වාහන මිල ඉහළ දැමීම මේ වසරේ සිදුවන සිව්වන අවස්තාව බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මරුටි සුසුකි සහ මහේන්ද්‍රා ආයතන ප්‍රධානීන් මේ බව තහවුරු කර තිබේ. මේ අතර මහේන්ද්‍රා ප්‍රධාන විධායක නිලධාරී Veejay Nakra පවසා ඇත්තේ මෙලෙස රථවාහනවල මිල ඉහළ දැමීම තුළින් වෙළඳපොළ රථවාහන මිලට එල්ලවන බලපෑම බරපතළ බවයි.

මෝටර් රථ, යතුරු පැදි ඇතුළු කුඩා ප්‍රමාණයේ ලොරි රථ වැනි ජනප්‍රිය රථ වාහන රැසක් ශ්‍රී ලංකාවට ද වැඩි වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW