වාහන ගන්න ඉන්න අයට සුභ ආරංචියක්.. මිල වෙනස් වෙයි..
විශාල වශයෙන් ඉහල ගොස් තිබූ වාහන මිල ගණන් යම් දුරකට පහල බැස ඇතැයි ආනයනකරුවන් කියා සිටී.
මේ වන විට වාහනවල මිල යම් ස්තාවර මට්ටමක පවතින්නේ යයිද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සදහන් කරයි.
නමුත් වාහන අමතර කොටස් මිල පාලනයකින් තොරව මිල ඉහළ ගොස් ඇති අතර පාරිභෝගික අධිකාරියට මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත.
මෙරන්චිගේ මහතා පවසන්නේ ඩොලරයේ මිල වැඩිවීම ඇතුළු කාරණා මත මෙසේ අමතර කොටස් මිල ඉහල ගොස් ඇති බවයි.
මේ අතර පාලනය කළ නොහැකි හේතු සාධක මත වාහන අමතර කොටස් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වුවද පවතින තත්වය හමුවේ අසාධාරණ ලාභ උපයමින් නීති විරෝධීව කටයුතු කළ මෙරට වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ප්‍රධාන පෙළේ සමාගම් කීපයකට එරෙහිව පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් නීත්‍යානුකූලව කටයුතු සිදු කොට ඇත.
මෙරට ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගම් කිහිපයකට එරෙහිව වාහන අමතර කොටස් වල මිල සඳහන් නොකිරීම, සඳහන් මිල වෙනස් කිරීම, මිල සඳහන් නොකර පැරණි තොග ද වර්තමාන මිල ගණන් වලට අලෙවි කිරීම සම්බන්ධව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.
මේ අනුව වාහන අමතර කොටස් වල මිල ලකුණු නොකිරීම සහ ඒ හරහා සිදුකරන අක්‍රමිකතා පිළිබඳව දිස්ත්‍රික්කය පුරා පිහිටි වෙළඳසැල් සහ ආයතන සම්බන්ධව පුත්තලම පාරිභෝගික අධිකාරිය මගින් තව දුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |