වාහනයක් Insurance කරන්න කලින් ඔබ දැනගත යුතුම දේවල්

INSURANCE THIRT PARTY FULL INSURNCE FINANCE
By Sewvandhi Nov 04, 2021 12:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සාමාන්‍යයෙන් වාහනයක් මිලදී ගැනීමේදී රක්ෂණාවරණයක් ලබා ගන්න කවුරුත් අමතක කරන්නේ නැහැ. විශේෂයෙන්ම එය ලංකාවේ මිස්සුන්ට නම් අත්‍යවශ්‍ය දෙයක්. ඒ කොහොම වුණත් රක්ෂණාවරණයක් කරන්න කලින් ගොඩක් හිතන්න වෙනවා. මොකද සමහරු ගාණ අඩුම රක්ෂණ ආයතන වල රක්ෂණය කරන අතර තවත් සමහරු තමන්ගේ හිතවතුන් හෝ මිතුරන් රක්ෂණ ආයතන වලින් රක්ෂණය කරනවා. හැබැයි අද  කියන්න යන්නේ තමන්ගේ වාහනයට රක්ෂණාවරණයක් වඩාත් සැළකිල්ලක් දැක්විය යුතු කරුණු කිහිපයක් ගැනයි.

Third Party ද Full Insurance ද

සාමාන්‍යයෙන් Third Party ඉන්ෂුවරන්ස් එකකට ගෙවන්න වෙන වාර්ෂික මුදල අනෙක් ඒවාට සාපේක්ෂව අඩුයි. හැබැයි Third Party රක්ෂණ ආයතනය විසින් ගෙවන්නේ ඔයාගේ වාහනය නිසා වෙනත් කෙනෙකුට හෝ ඔහුට අයත් දේපලකට වන හානි වලට විතරයි. එකටත් විවිධ සීමා තියෙනවා. ඔයාගේ වාහනයට හෝ ජීවිතයට වෙන අලාභයකට, අනතුරකට මේ මගින් මුදල් ලබාගන්න හැකියාවක් නැහැ. හදිසියේ වාහනයට අනතුරක් වුණත්, ඒකේ වියදම් දරන්න වෙන්නෙත් ඔයාටමයි. හැබැයි ඔයාට එච්චර ආර්ථිකයක් නැතිනම්, Full Insurance එකක් ගොඩක් වටිනවා.

වාහනයක් Insurance කරන්න කලින් ඔබ දැනගත යුතුම දේවල් | Vehicle Insurance Methods

භාවිතා කරන්නේ කොහොමද

සමහරු තමන්ගේ තනි පාවිච්චියට වාහන ගන්න අතරේ තවත් සමහරු හයර් දුවන්න හෝ රෙන්ට් කරන්න වාහන ගන්නවා. හයර් කරද්දි හෝ රෙන්ට් කරද්දි වෙන පුද්ගලයෙක් අපේ වාහනේ ධාවනය කරලා අනතුරකට ලක්කර ගත්තොත් ඔබේ අලාභයට හරියන්න වන්දි නොදෙන රක්ෂණ ආයතන තියෙනවා. ඒ නිසා හැමවෙලේම ඔබ වාහනය භාවිතා කරන විදිහට ගැළපෙන රක්ෂණාවරණයක් තෝරාගන්න.

ගෙවන මුදලට වැඩිම සේවාව

ඔබේ වාහනයේ වටිනාකමට අනුව ගෙවන්න වෙන රක්ෂණ මුදල ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. හැබැයි මිල අඩු වූ පළියට රක්ෂණ තෝරන්නත් එපා. රක්ෂණ ආවරණ සහ සේවාවන් ප්‍රමාණය ගැන හොඳට හොයලා බලන්න. මොකද ආයතනයෙන් ආයතනයට හිමි වෙන සේවාවන් සහ ආවරණයන් ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ගෙවන මුදලට වැඩිම සේවාවක් සහ ගැලපෙන ආවරණ ප්‍රමාණයක් ලබාදෙන ආයතනයක් තෝරා ගන්න.

ඒ විතරක් නෙමෙයි වාහනය අනතුරකට පත් වූ විට ඔබ රක්ෂණය ලබාගත් ආයතනය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන සොයා බැලීම ගොඩක් වැදගත්.විශේෂයෙන්ම සහය සපයන ආකාරය, වන්දි ලබාදෙන හැටි, වන්දි ලබාගැනීමේ ක්‍රියාවලියේ ඇති පහසුව සහ ගතවෙන කාලය වගේ දේවල් ගැනහොඳින් විමසා බලන්න. එම ආයතනයෙන් විතරක් නෙවෙයි, එම ආයතනයෙන් රක්ෂණාවරණයක් දාපු අය ඕන තරම් ඇති, ඒ අයගෙන්, වටින් ගොඩින් ටිකක් හොයලා බලන තරමට ඔබට හොඳයි.

වාහනයක් Insurance කරන්න කලින් ඔබ දැනගත යුතුම දේවල් | Vehicle Insurance Methods

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW