ලංකාවට ගේන්න යන අලුත්ම වාහන තොගය මෙන්න.

India Police Sri Lanka Vehicles Vehicle market
By Aruna Mar 31, 2022 02:56 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රි ලංකා පොලිසියට රුපියල් බිලියන 2.5 වටිනා වාහන 750 ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

මේ සදහා වු අවබෝධතා ගිවිසුම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, මහේන්ද්‍රා සහ මහේන්ද්‍ර ආයතනයේ උප සභාපති හා ප්‍රධානි ජොයිඩිප් මොයිට්රා යන මහත්වරුන් විසින් අමාත්‍යාශයේ දී සිදු අත්සන් කර තිබේ.

මෙම ජිප් රථ අදියර තුනක් යටතේ මෙම අගෝස්තු මස අවසාන වීමට පෙර ජිප් රථ 250 ක්, සැත්තැම්බර් මස අවසන් වීමට පෙර ජිප් රථ 250 ක් ද, 2023 වසරේ මාර්තු මස අවසානයට පෙර ජිප් රථ 250 වශයෙන් මේවා ලබා දීමට නියමිත බවද අමාත්‍යාංශය පවසයි.

ජපන් ආධාර යටතේ මේ වනවිට පොලිසියට ත්‍රිරෝද රථ 2000 ක්, ජිප් රථ ඇතුලු වාහන 72 ක් හා යතුරු පැදි 150 ක් ප්‍රධාන කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha