එළවළු මිල දිනෙන් දින ඉහළට
එළවළු, කුළුබඩු, කරවල, මාළු සහ පළතුරු ඇතුළු සියලුම එදිනෙදා පාරිභෝජන භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
කරවිල කිලෝවක් රුපියල් 400 ක්, වැටකොළු, ලීක්ස්, කැරට්, පතෝල සහ බෝංචි කිලෝවක් රුපියල් 320 ක්, එළබටු කිලෝවක් රුපියල් 280 ක්, ගෝවා කිලෝවක් රුපියල් 240 ක් සහ බීට් කිලෝවක් රුපියල් 200 ක් වන ලෙස එළවළු මිල ඉහළ ගොස් තිබේ.
දෙහි කිලෝවක් රුපියල් 800 ක් දක්වා ද, අමු මිරිස් කිලෝවක් රුපියල් 500 ක් දක්වා ද, තක්කාලි කිලෝවක් රුපියල් 650 ත් 700 ත් දක්වා ද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 600 ක් දක්වා ද, මිල ඉහළ ගොස් ඇත.
සිල්ලර වෙළඳුන් පවසන්නේ දෙහි කිලෝවක තොග මිල රුපියල් 700 ක් පමණ වන බවත් මිල ඉහළ යෑම නිසා ජනතාව දෙහි මිලදී නොගැනීම හේතුවෙන් ඔවුන්ට පාඩු ලැබීමට සිදු වී ඇති බවත්ය.
මීට සති දෙකකට පමණ පෙර කිලෝවක් රුපියල් 200 ක් පමණ වූ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 600 ට ආසන්න වී ඇති බවත් එම මිලට හෝ තොග වෙළඳුන් සතුව තක්කාලි මිලදී ගැනීමට නොමැති බවත් සිල්ලර වෙළෙන්දෝ වැඩිදුරටත් පවසති.
මිරිස් කුඩු ග්‍රෑම් 100 ක් රුපියල් 102 ක් ද, ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100 ක් රුපියල් 220 ක් ද, තුනපහ කුඩු ග්‍රෑම් 100 ක් රුපියල් 105 ක් ද, දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාව තුළ වඩාත් බහුලව ආහාරයට ගන්නා හාල්මැස්සන් කරවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ද සිල්ලර වෙළෙන්දෝ පවසති.
ලංකා සුපිරි හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1500 ත් 1600 ත් අතර මිලක් දක්වා මිල ඉහළ ගොස් ඇති බවත් දෙවැනි ශේණියේ ලංකා හාල් මැස්සන් කිලෝවක් රුපියල් 1200 ත් 1300 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සිල්ලර වෙළෙන්දෝ පවසති.
කීරමින් කරවල කිලෝවක් රුපියල් 1000 ක් දක්වා ද,කට්ටා කරවල කිලෝවක් රුපියල් 1500 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දියාවෙන් ආනයනය කරන හාල්මැස්සන් කරවල ඇතුළු කරවල වර්ග තොග නොලැබීම දේශීය කරවල මිල ඉහළ යාමට හේතු වී ඇති බව තොග වෙළෙන්දෝ කියති.
කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක් රුපියල් 240 කට, ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් 100 කට සහ සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 120 කට අළෙවි වන බවත් ඇපල් ලොකු ගෙඩියක් රුපියල් 90 දක්වා ද, මිදි ග්රැම් 100 ක් රුපියල් 120 ක් දක්වා ද, ගස්ලබු කිලෝවක් රුපියල් 120 ක් දක්වා ද, මිල ඉහළ ගොස් ඇති බව පළතුරු වෙළෙන්දෝ පවසති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |
