නැතුවම බැරි, එළවළු මිලට එකපාරටම ආයෙත් මොකද දන්නව ද වුණේ?.

Report

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සැලකිය යුතු මට්ටමින් පහත වැටි තිබෙනවා.

නැතුවම බැරි, එළවළු මිලට එකපාරටම ආයෙත් මොකද දන්නව ද වුණේ?. | Vegetable Prices In Sri Lanka 27Th March

මෙලෙස මිල ගණන් පහත වැටි ඇත්තේ විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් ය.

ඒ බව එම මධ්‍යස්ථානයේ වෙළදුන් සඳහන් කර සිටියේ ය. 

ඒ අනුව බෝංචි කිලෝවක තොග මිල රුපියල් 80ත් 120ත් අතර මිලකට අද (27) එහි අලෙවි විය.

එමෙන්ම, කැරට් තොග රුපියල් 150ත් 200ත් අතර මිලක් සටහන් වුණ අතර මාළු මිරිස් රුපියල් 300ත් 350ත් අතරත් පැවතියේ ය.

කෙසේ වෙතත්, එළවළු මිල දී ගැනීම සදහා පැමිණෙන වෙළෙන්දන්ගේ ද අඩුවක් පවතින බව දඹුල්ල ආර්ථික වෙළද මධ්‍යස්ථානයේ එළවළු තොග ව්‍යාපාරිකයන් සඳහන් කළේ ය.