එළවළු මිලට ඒ ගමන මොකක්ද වුණේ?.
රටපුරා උඩරට එළවළු බෙදා හරිනු ලබන ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානයවන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මේ වන විට එළවළු මිල පහත වැටී තිබෙනවා.
ඒ පසුගිය දිනවලට සාපේක්ෂව සියයට හතලිහකින් පමණ ය.
වෙළඳුන් සඳහන් කළේ, මේ දිනවල ඉහළ අස්වැන්නක් පවතින බැවින් මෙසේ එළවළු මිල පහත වැටී ඇති බවයි.
ඒ අනුව කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල කිලෝවක දැක්වුණේ මෙලෙසින් ය,
? බෝංචි – රු. 180
? අල – රු. 180/210
? ගෝවා – රු. 130/140
? රාබු – රු. 40/50
? තක්කාලි – රු. 150/160
? නෝකෝල් – රු. 90/100
? බටු – රු. 250/260
? ලීක්ස් – රු.190/200