උත්සව සමය ලග ලඟටම ආවා විතරයි එළවළු මිල අහස උසට ....

Report

බෝංචි සහ මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 500 ත් 600 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.

යල කන්නයේ අස්වනු තොග අවසන් වීමත් සමග වෙළෙඳපොළට ලැබෙන එළවළු ප්‍රමාණය විශාල ලෙස අඩුවී ඇතැයිද පැවසේ.

කණ්ඩායමේ ප්‍රබලයෝ කිහිපයක් එක්දින සංචිතයෙන් ඉවතට..

කණ්ඩායමේ ප්‍රබලයෝ කිහිපයක් එක්දින සංචිතයෙන් ඉවතට..

මෙම තත්ත්වය මත මේ දිනවල එළවළු මිල ගණන් නැවත වරක් ඉහළ යමින් පවතින අතර,ඉදිරි උත්සව සමයේදී එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.

එළවළු තොග මිල ගණන් ඉහළ යාමත් සමග එළවළු සිල්ලර වෙළෙඳුන් සහ අතරමැදියන්ද එළවළු කිලෝවක සිල්ලර මිල තොග මිල මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයකින් ඉහළ දමා ඇත.

සංසරණය වන වීඩියෝව ගැන අනූ සහ කනූ කියපු දේ ...

සංසරණය වන වීඩියෝව ගැන අනූ සහ කනූ කියපු දේ ...

එළවළු වර්ග කීපයක කිලෝවක තොග මිල ගණන් මෙසේය. නෝකෝල් රු.350-400,මාළු මිරිස් රු.550-600,අමු මිරිස් රු.350-400,වැටකොළු රු.240,තිබ්බටු රු.450,මුරුංගා රු.400. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක මිල රුපියල් 900 ක් දක්වා ඉහළ ගොස් තිබේ.