ගමක්ම රත් කරමින් පොලීසිය හා ගම්වාසීන් අතර ගැටුමක් - පොලිස් නිලධාරීන් 8ක් හා ගම්වාසීන් දෙදෙනෙකු රෝහලේ ..

Sri Lanka Police Hambantota Sri Lanka
By Sithumi Mar 06, 2023 04:43 PM GMT
Sithumi

Sithumi

Report

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකළ පොලිස් නිලධාරින් සහ ගම්වාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා පොලිස් නිලධාරින් 08 දෙනෙකු සහ ගම්වාසීන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ.

අද (06) පස්වරුවේ පොලිස් නිලධාරින් එම ප්‍රදේශයට ගොස් ඇති අතර මාර්ගයේ සිටි පිරිසක් සම්බන්ධයෙන් සැක සිතී ඔවුන් පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත.

එහිදී එම පිරිස එයට විරෝධය දක්වා නිලධාරීන් සමග බහින්බස් වී ඇති අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha