වේගෙයන් ආ බොලෙරෝ වර්ගයේ රථයක් නිවසක් මතට පෙරළෙයි - තිදෙනෙකුට තුවාල

Report

නානුඔය සිට නානුඔය කිරිමැටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ බොලෙරෝ වර්ගයේ රථයක් නානුඔය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලීමෙන් අනතුරක් සිදු වී ඇති බව නානුඔය පොලීසිය සදහන් කර තිබේ.

ඊයෙ (25) රාත්‍රී 11ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ තලවකැලේ ඩෙස්පෝඩ් හරහා නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කිරිමැටිය ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වූ රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත වීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලී මෙම අනතුර සිදු වී තිබේ.

බිහිසුණු බස් අනතුරක් - 11ක් රෝහලට

බිහිසුණු බස් අනතුරක් - 11ක් රෝහලට

නානුඔය පොලීසිය සදහන් කරන්නේ අනතුරින් රථයේ රියදුරා සහ ලොරි රථයේ ඉදිරිපස ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි අනතුරින් එම නිවසට සහ රථයටද හානි සිදු වී ඇත.

අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.