ඉන්ටර්පෝල් ගෝලීය සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ASP වූට්ලර් ප්‍රංශයට
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සේවය කරන සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වූට්ලර් මහතා අද (26) උදෑසන ප්‍රංශයේ ලියොන් නගරය වෙත පිටත්ව ගොස් තිබේ.
ඔහු මෙම ගමනට එක්ව ඇත්තේ ඉන්ටර්පෝල් සංවිධානය විසින් සංවිධානය කර ඇති පළමු ගෝලීය මහජන සන්නිවේදනය පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහාය.
මෙම ජාත්‍යන්තර සමුළුව 2026 අප්‍රේල් 28 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත අතර, ලෝකයේ විවිධ රටවල නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල නියෝජිතයින් මෙයට සහභාගී වීමට නියමිතය.
සමුළුවේදී ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආපදා අවස්ථාවලදී ශ්‍රී ලංකා පොලිසිය මහජන ආරක්ෂාව සහ ජනතාවගේ සුභසාධනය කළමනාකරණය කළ ආකාරය පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීමක් කිරීමට වූට්ලර් මහතා නියමිත බව සඳහන් වේ.
මෙම ජාත්‍යන්තර පොලිස් සන්නිවේදන සංසදයට සහභාගී වීමට ආරාධනා ලැබූ පළමු ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් ෆ්‍රෙඩ්රික් වූට්ලර් මහතා ඉතිහාසගත වීමද විශේෂත්වයක් ලෙස සැලකේ.