දාසය හැවිරිදි සිසුවාගේ අනතුරෙන් පුද්ගලයෙකු මරුට.." වාහන අරන් ගිය හේතුව දන්නෑ දුවවත් දාගෙන ගිහින් " සිද්ධියේ නවතම තතු මෙන්න..( CCTV VIDEO / PHOTOS )
පුද්ගලයෙකුට මරු කැඳවමින් සහ තවත් සිව් දෙනකුට තුවාල සිදු කරමින් අද උදෑසන වැලිසර මහබාගේ ප්‍රදේශයේ අනතුරුක් සිදු කළ දාසය හැවිරිදි දරුවා සහ ඔහු පැදවූ රථයේ හිමිකරු වන ඔහුගේ පියා මහබාගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ මෙම අනතුර හේතුවෙන් මහාභාගේ ප්‍රදේශයේ පදිංචි 51ක් හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බවයි. එ
මෙන්ම අනතුරට ලක්වීම හේතුවෙන් වැලිසර රෝහලට ඇතුළත් කරන ලද සිව් දෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත් ඔහු සඳහන් කළා. අදාළ රථය පැදවු 16 හැවිරිදි සිසුවාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
----------------------------------------------------------
අද උදෑසන වැලිසර ප්‍රදේශයේදී රථ වාහන කිහිපයක ගැටී මාරක අනතුරක් සිදු කළ 16 හැවිරිදි දරුවා සිය පියා ගේ මෝටර් රථය නිවසින් එළියට රැගෙන ගොස් ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
වැලිසර මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන මෝටර් රථයේ හිමිකරු අද උදෑසන සිය මෝටර් රථය සෝදා පවිත්‍ර කර ව්‍යාපාර කටයුත්තක් සඳහා කොළඹ යෑමට සූදානම් කර තිබෙනවා.
ඔහු ඒ ගමන සඳහා සූදානම් වන අවස්ථාවේදී අදාල ව්‍යාපාරිකයාගේ දාසය හැවිරිදි පුත්‍රයා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරිය ජීප් රථය රැගෙන නිවසින් එළියට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
අධික වේගයෙන් මීගමුව දෙසට ධාවනය වූ මිට්ෂුබිෂි මොන්ටෙරෝ ස්පෝර්ට්ස් (mitsubishi montero sport) වර්ගයේ මෙම ජීප් රථය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ මැද පිහිටා ඇති බාධකය පරයා ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි රථ වාහන පෙළක් සමඟ ගැටී තිබෙනවා.
සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා සිටියේ මෝටර් රථය පැමිණි වේගයෙන්ම මාර්ගය මැද පිහිටා ඇති බාධකය හරහා ගොස් අනෙක් පැත්තට හැරී තවත් මෝටර් රථයක් උඩට පතිත වූ බවයි.
මේ අනතුරෙන් ඒ අවස්ථාවේ කොළඹ දෙසට ගමන් කරමින් තිබු යතුරු පැදියක ගමන් කළ පුද්ගලයකු සිද්ධිය වූ ස්ථානයේ දී ම මිය ගියා. මීට අමතරව තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



