එන්නත්කරනය අවසන් අදියරට ළඟා වෙයි

Covid 19 Vaccsine Coroa virus
By Sithumi Oct 23, 2021 12:47 PM GMT
Sithumi

Sithumi

Report

නොවැම්බර් මාසය අවසන්වීමට පෙර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 24 මෙරටට ආනයනය කරන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ, ඉදිරි පෙළ සෞඛ්‍ය අංශ ඇතුළු ප්‍රමුඛතම කණ්ඩායම් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදීම වෙනුවෙනි.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට කොරෝනා වසංගතයට එරෙහිව එන්නත් කිරීමේ වැඩපිළිවෙල අවසන් අදියරයට පැමිණ ඇති බවය. මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 01කෝටි 50 ලක්ෂයකට පළමු මාත්‍රාවත් 01 කෝටි 30 ලක්ෂයකට මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති බවත් පෙන්වා දුනි.

මේ වනවිට වයස අවුරුදු 16-19 අතර පාසල් ළමුන් සහ නව යොවුන් තරුණ තරුණියන් සඳහා පළමු එන්නත් මාත්‍රාව ලබාදීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා ෆයිසර් එන්නත භාවිත කරයි.

ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්, කොරෝනා මර්දන කටයුතු සඳහා සහභාගී වන ආරක්ෂක අංශවල නිලධාරීන් සහ සංචාරක කර්මාන්තයේ කටයුතු කරන්නන් සඳහා නොවැම්බර් මාසයේ පළමු සතියේ සිට කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඊට අමතරව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ද තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට නියමිතය. ඒ අනුව මේ මාසයේදී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක්, නොවැම්බර් මාසයේදී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 21 ලැබීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව දකුණු ආසියානු කලාපයේ තුන්වන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදෙන පළමු රට ශ්‍රී ලංකාව වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක 

සබ්ස්ක්‍රයිබ් කරන්න