පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට සංචරණ සීමා ලිහිල් කරයි..

Covid America Sri Lanka Covid vaccines
By Aruna Sep 21, 2021 01:51 AM GMT
Aruna

Aruna

Report

සිය රටට ඇතුළුවන විදේශිකයින්ට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව බ්‍රිතාන්‍යයෙන් හා යුරෝපා රටවලින් මෙන්ම අනෙකුත් රටවලින් පැමිණෙන පුද්ගලයින්ට ද අමෙරිකාවට ඇතුළුවීමට අවසර හිමිවනු ඇති.

එම ක්‍රියාවලියට අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින විදෙස් සංචාරකයින් සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට අමෙරිකාවට ඇතුළුවීමට හැකිවනු ඇති බව ධවල මන්දිරය නිවේදනය කළා.

එලෙස ඇතුළුවිය හැකි සංචාරකයින්ද පරීක්ෂණවලට පෙනී සිටීම වැනි කොන්දේසිවලට යටත් විය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග පසුගිය වසරේ මුල් භාගයේ සිට අමෙරිකාව සිය රටට ඇතුළුවන සංචාරකයින් සඳහා දැඩි සීමා පනවා තිබුණා.

කෙසේවෙතත් යුරෝපයේ ඇතැම් රටවල් සමග පවතින සබඳතා යම් මට්ටමකින් බිඳ වැටී ඇති අවස්ථාවක ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමකට පිළිතුරු දීමක් වශයෙන් අමෙරිකාව මෙම පියවර ගෙන ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ.

එමෙන්ම අමෙරිකාව පැනවූ සංචාර සීමා හමුවේ පවුල්වලින් සහ සිය හිතමිතුරන්ගෙන් වෙන්ව සිටි පිරිසට යළි එක්විය හැකි වනු ඇති බව ද විචාරකයින් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now