එන්නත් කාඩ්පත අනිවාර්ය කෙරේ.. නැතිනම් මේ දේවල් සියල්ල තහනම්..

Covid Vaccines card
By Aruna Sep 14, 2021 08:07 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා මර්ධන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පත නොමැතිව බස් රථවලට මගින් පටවා ගැනීම අත්හිටුවීමට බස්නාහිර පළාත තුල එන මාසයේ සිට නව නීතියක් පනවා තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා පරීක්ෂකවරුන් නිරන්තර පරීක්ෂා කිරීම් වල යොදවන බවත් ය.

බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ 6,200 ක් පමණ සංඛ්‍යාවක් ධාවනය වන අතර එම බස් රථ සේවකයන් සඳහා ද කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

පළාතේ බස් රථවල ගමන් කරන මගීන් කොරෝනා එන්නත් කරන කාඩ් පත තමන් සතුව තබා ගැනීම අනිවාර්ය කර ඇති අතර බස් රථයට මගින් ඇතුළු කර ගැනීමේදී කාඩ් පත පරික්ෂා කිරීමේ වගකීම කොන්දොස්තර වරයාට පැවරෙන බව ද අධිකාරිය කියා සිටී.

මේ අතර එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති මන්නාරමේ වැසියන්ට හෙට සිට මුහුදු යාමට හෝ පොදු ස්ථානවල ගැවසීම තහනම් කිරීමට කටයුතු කර ඇති බව මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්. විනෝදන් ප්‍රකාශ කළා.

මන්නාරමේ ඊයේ පැවති කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, පොලිස් මුර පොළවල් සහ ධීවර තොටුපලවල්වලදී එන්නත් කාඩ්පත් පරීක්ෂා කිරීමටයි තීරණය කර ඇත්තේ.

මන්නාරම් වැසියන් හා ඉන්දීය ජාතිකයන් අතර සබඳතා ඉහළ යාමද මෙම තීරණයට හේතු වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now