පාසල් දරුවන්ට එන්නත ලබා දීමට සැලසුම් කෙරේ දිනය මෙන්න..?
ඉදිරි සති දෙක තුළදි පාසල් දරුවන් සඳහා “ෆයිසර්” එන්නත ලබාදිමට සැලසුම් කරන බව ඖෂධ නිෂ්පාදන සැපයිම සහ නියාමන කිරිම පිළිබද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. අද පෙරවරුවේ අනුරාධපුරයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ සමස්ත ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති අතර, ඒ අනුව එන්නත් මාත්‍රා දෙක ම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන එක් 11,695,465ක්. මේ අතර, පුද්ගලයින් 62,008 දෙනෙකුට ඊයේ දිනයේ දී එන්නත් ලබා දී තිබෙනවා.
ඒ අනුව සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 20,594 දෙනෙකුට ලබා දී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 9,824ක්. එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 29,287 දෙනෙකුටත්, එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 707 දෙනෙකුටත් ඊයේ ලබා දී තිබෙනවා.
මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,930,568ක් වන අතර, එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 9,026,354ක්. මේ අතර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක තොගයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා. ඒ අනුව, අවුරුදු 15ට වැඩි දරුවන් සඳහා ඉදිරි සති දෙක තුළ දී ෆයිසර් එන්නත ලබා දිමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
එමෙන්ම, අවුරුදු 20 වැඩි සියලු දෙනා ද කඩිනමින් එන්නත ලබා ගන්නා ලෙසට රාජ්‍ය අමාත්‍යවරයා එහි දී ඉල්ලීමක් කළා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිදුවීම සම්බන්ධයෙන් ද එහි දී මාධ්‍යවේදින් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර, ඔහු කියා සිටියේ මෙලෙස දත්ත මැකී ගොස් ඇත්තේ පසුගිය කාලය තුළ දී ජාවාරම් සිදු කිරිම සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු කෙරෙන ඖෂධ සමාගම්වල පමණක් බවයි. ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 1,733 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛයාව 54,491 ක් දක්වා ඉහළ ගියා. මේ අතර බණ්ඩාරවෙල 'සුජාතා සෙවන' ළමා නිවාසයේ දරුවන් තිදෙනෙකුට කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම, බණ්ඩාවෙල නගරයේ සහ හැටන් නගරයේ විවෘත කර තිබූ වෙළෙඳසැල් වසා දැමීමට පොලිසිය ඊයේ කටයුතු කළා.
මේ අතර, කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ නියෝගය අනුව කැකිරාව නගරයේ විවෘත කර තිබූ මත්පැන් අලෙවිසැල් වසා දැමීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ පියවර ගත්තා.
----------------------------------------
You may like this video
පුද්ගලයින් පිරිසක් අතර ගැටුමක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
