ඇමරිකාවෙන් 500% ක බද්දක්
ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් වාර්තා කර ඇත්තේ යළිත් වරක් චීනය, “රුසියානු යුධ යන්ත්‍රයට” ශක්තිය සපයන බවට චෝදනා කරමින් සෙනෙට් සභිකයින් රැසක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චීනය වෙත 500%ක තීරුබදු පැනවීමට බලය ලබා දීමට සූදානම් කර ඇති බවයි.
එමෙන්ම දින කිහිපයකට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට අමතර 100%ක තීරුබදු පැනවීමට තර්ජනය කරමින්ම, එම දෙවන විශාලතම ආර්ථිකයට “උදව් කිරීමට” අවශ්‍ය බවට පරස්පර අදහස් ප්‍රකාශ කර ඇත.
බදාදා මාධ්‍ය හමුවක් මගින් රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් චීනයට 500%ක් දක්වා තීරුබදු පැනවීමට ට්‍රම්ප්ට බලය ලබා දීමට ඇමරිකානු සෙනෙට් සභිකයින් 85 දෙනෙකු සූදානම්ව සිටින බව භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළේය.
රුසියානු තෙල් මිලදී ගැනීම වෙනුවෙන් චීනයට 500%ක් දක්වා තීරුබදු පැනවීමේ බලය ජනාධිපති ට්‍රම්ප්ට ලබා දීමට ඇමරිකානු සෙනෙට් සභිකයින් 85 දෙනෙකු සූදානම් වන බවත් රුසියානු තෙල් මිලදී ගැනීම හේතුවෙන් චීනයට සහ ඉන්දියාවට එරෙහිව නැවත නැවතත් චෝදනා එල්ල කර ඇත.
ආසියානු ජාතීන් “රුසියානු යුධ යන්ත්‍රවලට” ශක්තිය සපයන බවත් රුසියානු යුධ යන්ත්‍රවලට ශක්තිය සපයන්නේ චීනය විසින් රුසියානු තෙල් මිලදී ගැනීම සදහා බවත් ඔහු පවසයි.
රුසියානු බලශක්තියෙන් 60%ක්, එනම් සියයට හැටක්, චීනය මිලදී ගන්නා අතර ඔවුන් ඉරාන බලශක්තියෙන් 90%ක් මිලදී ගන්නවා බවද වාර්තා වේ. රුසියාව සමඟ ඇති සම්බන්ධතා විවේචනය කිරීමට අමතරව, දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (rare earths) අපනයනය සීමා කිරීමට චීනයේ ඇති සැලසුමට ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විරෝධය පළකර ඇති අතර චීනය “ලෝකයට විශ්වාස කළ නොහැකි හවුල්කරුවෙකු” ලෙස ද නම් කර ඇත.