ලෝක කම්කරු දිනය අද
තමන්ගේ දහඩියෙන් ලෝකය ගොඩනගන කම්කරුවන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ ජීවිත අරගලය සිහිපත් කරන විශේෂ දිනයක් වන ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01) දිනට යෙදී ඇත.
දිනකට පැය 8ක වැඩක් ඉල්ලමින් ඇමරිකාවේ චිකාගෝ නගරයේ කම්කරුවන් විසින් 1886දී සිදුකළ අරගලයක කැපවීම ලෙස අද (01) ලොව පුරා කම්කරුවන්ගේ නිදහසට හේතු වී තිබේ.
එමෙන්ම ලොව පුරා කම්කරුවන් මෙම දිනය සමරමින් මැයි රැළි සහ පෙළපාලි පවත්වනු ලබයි ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සැමරුම 1923 දී ඒ.ඊ. ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් පවත්වා තිබුණි.
මෙවර මැයි දින සැමරුම් දේශපාලන පක්ෂ රැසක් රැලි සංවිධානය කර ඇත වත්මන් ආණ්ඩුව වන ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි දින සැමරුමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගමදී පැවැත්වීමට නියමිතය.
කොළඹ කේන්ද්‍ර කර ගනිමින් මැයි දින සැමරුම් බොහෝමයක් පැවැත්වෙයි.
මැයි දිනය රාජ්‍ය නිවාඩු දිනයක් වුවද, එය විවේකයට පමණක් සීමා වූ දිනයක් නොවන අතර ශ්‍රී ලංකාවේ එය මහත් උත්සවයකින් සමරනු ලබන්නේ, දහඩියෙන් ජීවිත ගොඩනගන කම්කරුවන්ගේ මහන්සියට ගෞරවය පුද කරන හදවතින් උපන් සැමරුමකි .
18 වැනි සියවසේ ධනවාදී සමාජ ආර්ථික ක්‍රමය බිහිවීමත් සමග, ජීවිතය ගොඩනගන “කම්කරුවන්” ලෙස හැඳින්වෙන සමාජ පන්තියක් ලෙස කැපවීම සහ නිහඬව කරන අරගලයෙන් ලෝකය ඉදිරියට ගෙනයන සුවිශේෂී දිනයකි.
මැයි දිනය කම්කරුවන්ගේ එකමුතුවෙන් උපදින ශක්තිය, සහ ඔවුන්ගේ නොමැකෙන අධිෂ්ඨානය ලෝකයට පෙන්වන කදිම අවස්ථාවකි. එකම අරමුණක් යටතේ එක්වෙන ඒ හඬ, නිහඬව මහන්සි වන ජනතාවගේ බලය කෙතරම් විශාලද යන්න මනාව පෙන්වා තිබේ