ඉරානය සමඟ සාකච්ඡා සඳහා ඇමෙරිකා විශේෂ නියෝජිතයන් දෙදෙනෙක් අද පකිස්තානයට

Report

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමග විශේෂ සාකච්ඡා පැවැත්වීම සඳහා ඇමරිකානු විශේෂ නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් අද දිනයේ පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.

ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් දැනට මෙම සංචාරයට එක්වීමට සැලසුම් කර නොමැති  බව සදහන් වේ.

කෙසේවෙතත් අමෙරිකානු විශේෂ නියෝජිතයන් දෙදෙනා සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවල ප්‍රගතිය අනුව අවශ්‍ය වුවහොත් ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ඉස්ලාමාබාද් බලා පිටත්ව යාම සඳහා සූදානමින් සිටින බව වාර්තා වේ.

මේ අතර ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බකායි පැවසුවේ තමා සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඊයේ පස්වරුවේ ඉස්ලාමාබාද් වෙත පැමිණි බවයි.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳලා - ඔහුම ලොවට හෙළි කරයි

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳලා - ඔහුම ලොවට හෙළි කරයි

කෙසේවෙතත් ඉරානය සහ අමෙරිකාව අතර කිසිදු රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර නොමැති බවත් සිය නිරීක්ෂණ පමණක් පකිස්ථානයට දැනුම් දීමට කටයුතු කරන බවත් ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බකායි පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.