අද ඩොලරයට සාපේක්ෂව රුපියලට වුණ දේ - ඔබේ බැංකුවේ අද ඩොලර් මිල මෙන්න

Report

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක අද (20) දිනයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පසුගිය බ්‍රහස්පතින්දාට සාපේක්ෂව සුළු වෙනස්කම් සහිතව බොහෝ දුරට ස්ථාවර මට්ටමක පවතිනවා.

ඒ අනුව, වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 336ත් 338ත් අතර අගයක සටහන් වී තිබෙනවා.

සෙලාන් බැංකුවේ අද දින ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 328.50ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 337.75ක් ලෙසත් නොවෙනස්ව පවතිනවා.

NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 328.25 සිට රුපියල් 328.30 දක්වාත්, විකුණුම් අනුපාතය රුපියල් 337.25 සිට රුපියල් 337.30 දක්වාත් සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 328.70 සිට රුපියල් 328.50 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 336.85 සිට රුපියල් 336.65 දක්වා අඩු වී තිබෙනවා.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 326.82ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 336.75ක් ලෙසත් වෙනසකින් තොරව පවතිනවා.

එමෙන්ම, සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 328.75ක් සහ විකුණුම් අනුපාතය රුපියල් 336.75ක් ලෙස නොවෙනස්ව පවතින බව වාර්තා වනවා.  

රත්තරන් මිල එකවරම කඩා වැටෙයි- අද උදේ පාන්දරම වෙනස්වුන නවතම මිල ගණන් මෙන්න

රත්තරන් මිල එකවරම කඩා වැටෙයි- අද උදේ පාන්දරම වෙනස්වුන නවතම මිල ගණන් මෙන්න

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?