රුසියාවේදී කොටු වූ ‘රොටුඹ අමිල’ දිවයිනට රැගෙන එයි
රුසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු බවට සැකකෙරෙන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ අද (20) දිවයිනට රැගෙනවිත් තිබේ.
දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදු වූ මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරු පසුගිය වසරේදී රුසියානු ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන් අනතුරුව, රුසියානු ආරක්ෂක අංශ සමඟ සම්බන්ධීකරණයෙන් සැකකරු මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරම්භ කර තිබේ.
ඒ අනුව, සැකකරු දිවයිනට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරී කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව ගොස් ඇති අතර, එම මෙහෙයුමෙන් අනතුරුව ඔහු අද දිනයේදී මෙරටට රැගෙනවිත් තිබේ.