ඉම්රාන් ඛාන්ගේ සොහොයුරිය අලීමා ඛාන් අත්අඩංගුවට - දින 30කට බන්ධනාගාරයට

Report

දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක වන අලීමා ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.

ලාහෝර් නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර, ඇය දින 30ක කාලයක් සඳහා ලාහෝර්හි කොට් ලක්පට් බන්ධනාගාරයේ රඳවා තැබීමට නියමිතය.

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

සමාජ මාධ්‍ය සහ ජනරැලි හරහා රජයට එරෙහිව මහජනතාව කුපිත කරවීමේ චෝදනා ඇයට එරෙහිව එල්ල වී ඇත. ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස රජයට බල කරමින් ඔහුගේ 'තරීක්-ඊ-ඉන්සාෆ්' පක්ෂය මඟින් ලබන 27 වනදා ඉස්ලාමාබාද් අගනුවරදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබීම විශේෂත්වයකි.

2023 වසරේ සිට සිරගත කර සිටින 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ට එරෙහිව නඩු 100කට වැඩි සංඛ්‍යාවක් පවතින අතර, ඔහු එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වහාම මේ පාසල් වසා දැමේ

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වහාම මේ පාසල් වසා දැමේ