ඩෙංගු අවදානම අවම කර ගැනීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ...

Report

වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ඇතිවිය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අද (20) ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙලේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් සාගල රත්නායක මහතා මෙම අදහස් පළකර තිබේ.

ඒ මහතා උපදෙස් දී ඇත්තේ, අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරීමට විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන ලෙස ය.

හෙටත් පුත්තලම් දිස්ත්‍රික්කයේ පාසල් වැසේ ...

හෙටත් පුත්තලම් දිස්ත්‍රික්කයේ පාසල් වැසේ ...

මැයි 26 සිට ජුනි 01 දක්වා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතියට සමගාමිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මීට අමතරව සාගල රත්නායක මහතා රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ නව ගොඩනැගිලි ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානම අඩු කිරීමට පියවර ගන්නා ලෙසත් මෙම වැඩපිළිවෙලට අනුගත නොවන පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද අදාළ අංශ දැනුවත් කර තිබෙනවා.