ලෝක වෙළෙඳපොළෙන් තවත් අසුබ පුවතක් - මේ පොහොර ඩොලර් 600 සීමාව පනී
By Kaushi
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය නිසා එක්සත් ජනපදයේ යූරියා පොහොර මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, යූරියා පොහොර ටොන් එකක් ඩොලර් 600 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම නිව් ඕර්ලියන්ස් (New Orleans) කැටිති යූරියා මිල වසර තුනකට වැඩි කාලයකට පසුව උපරිම මට්ටමට පැමිණ තිබෙන බව සඳහන්.
ඉකුත් 2022 වසරේදී යුක්‍රේන-රුසියානු යුද්ධය ආරම්භ වූ සමයේද පොහොර මිල වාර්තාගත ආකාරයට ඉහළ ගිය අතර පසුව 2023 සහ 2024 වසරවල මිල යම් මට්ටමකට අඩු වී ස්ථාවරව පැවතුණි.
එහෙත් මේ වන විට නැවතත් එම මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව වාර්තා වේ. පොහොර මිල ඉහළ ගිය අයුරු පහතින් දැක්වේ.