යුද්ධයේ පවතින අවිනිශ්චිතභාවය නිසා ලෝකෙටම තවත් නරක ආරංචියක් - යළි බොරතෙල් මිල ඉහළට

Report

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (25) දිනට සාපේක්ෂව අද නැවත ඉහළ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 91.39ක් වශයෙන් සුළු ලෙස ඉහළ ගොස් ඇති අතර එය 1%ක වැඩිවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 103.3ක් දක්වා වැඩි වී ඇති අතර එය ද 1.10%ක වැඩිවීමක් ලෙස දැක්වේ.

ලංකාවට සතුටුදායක ආරංචියක් - බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළට - මෙරටට ගෙන්වන තෙල් මිලෙත් විශාල අඩුවීමක්

ලංකාවට සතුටුදායක ආරංචියක් - බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළට - මෙරටට ගෙන්වන තෙල් මිලෙත් විශාල අඩුවීමක්

මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.4ක් ලෙස වාර්තා වේ.

ඒ අනුව එය පෙර මිලට සාපේක්ෂව 14.52%ක අඩුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් දා ඉරානයට ප්‍රහාර එල්ල කිරීම දින 5ක කාලයක් සඳහා තාවකාලිකව නැවැත්වීමට තීරණය කිරීමත් සමඟ බොරතෙල් මිල ගණන් පහත වැටුණු ද මේ වනවිට මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය නිසා නැවත බොරතෙල් මිල ඉහළ යමින් තිබෙන බව සඳහන්.  

ඉන්ධන ප්‍රවාහන ගාස්තුත් සියයට 25කින් ඉහළට? අද විශේෂ සාකච්ඡාවක්

ඉන්ධන ප්‍රවාහන ගාස්තුත් සියයට 25කින් ඉහළට? අද විශේෂ සාකච්ඡාවක්

ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්