වලාන ස්ථානාධිපති නමින් පෙනී සිට කප්පම් ගත් අයෙක් අත්අඩංගුවට

Report

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාපාරිකයන් බියගන්වමින් තමන් වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස සඳහන් කරමින් කප්පම් ලබාගත් බව කියන 31 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (25) දින ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය අසලදී අත්අඩංගුවට ගැනීමට එම ඒකකයේම නිලධාරීන් සමත් වී තිබේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු, මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම්, සොරකම්, කොල්ලකෑම් සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 620 ක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.

මොහු විසින් අම්බලන්ගොඩ, ගන්දර, රත්නපුර, හොරණ, පානදුර, මාරවිල සහ ත්‍රීකුණාමළය යන ප්‍රදේශවල හෝටල් සහ අවන්හල් හිමියන් ඇතුළු ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගනිමින් මෙම කප්පම් ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇත.

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ අයට තියෙන ඉන්ධන ගැටලු වහාම දන්වන්නැයි දැනුම්දෙයි - පැය 24 ක්‍රියාත්මක සහය දුරකථන සේවාවක්

මේ අයට තියෙන ඉන්ධන ගැටලු වහාම දන්වන්නැයි දැනුම්දෙයි - පැය 24 ක්‍රියාත්මක සහය දුරකථන සේවාවක්