ලොවේම ආදරය දිනූ මස් කරන්න රැගෙන ගිය සුරතලුන් 7 දෙනාගේ අපූරු කතාව

Report

සාමූහිකත්වය, කණ්ඩායම් හැඟීම සහ නිවැරදි නායකත්වය යන ගුණාංග ඕනෑම අභියෝගයක් ජය ගැනීමට කෙතරම් වැදගත් ද යන්න පසක් කරන අපූරු පුවතක් චීනයෙන් වාර්තා වේ.

චීනයේ ජිලින් පළාතේ චැන්ග්චුන් නගරය අසල ගම්මානයකදී මස් පිණිස අලෙවි කිරීමට සොරාගෙන ගිය සුනඛයන් හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, ඉතාමත් සැලසුම් සහගත ලෙස සිය ජීවිත බේරාගෙන නැවත නිවෙස් කරා පැමිණීමට සමත් වී තිබේ.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

අධිවේගී මාර්ගය ඔස්සේ ට්‍රක් රථයකින් කිලෝමීටර් 17ක් පමණ දුරක් රැගෙන යමින් සිටියදී, මෙම සුනඛයන් හත්දෙනාම රථයෙන් පැන ඇත්තේ එක් සුනඛයෙකුගේ නායකත්වය යටතේ සාමූහික මෙහෙයුමක් දියත් කරමිනි.

ඔවුන්ගේ මෙම ගමන වඩාත් සංවේදී වන්නේ, ට්‍රක් රථයෙන් පනින අවස්ථාවේ තුවාල ලැබූ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයා ද තනි නොකර, කණ්ඩායමේ කිසිවෙකුත් මඟ නොහැර දින දෙකකට ආසන්න කාලයක් අධික කාර්යබහුල අධිවේගී මාර්ගයේ ඇවිද යමින් සිය ආදරණීයයන් වෙත ළඟා වීම නිසාය.

ලක්වාසී සියලු දෙනාට ආර්ථිකය ගැන සුබම සුබ පණිවිඩයක්

ලක්වාසී සියලු දෙනාට ආර්ථිකය ගැන සුබම සුබ පණිවිඩයක්

කෙසේවෙතත් සුනඛයන් සොරාගත් පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති