මේ සුබ ආරංචිය නම් ඉස්කෝලේ යන අපේ පොඩ්ඩන්ට - බලන්නකෝ රජයෙන් කරන්න යන දේ..
පාවහන් තිළිණපත් ලබාදෙන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කර තිබෙනවා.

ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව කියා සිටියේ, අද (05) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ දී ය.
අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, පාසල් දරුවන්ට පාවහන් ලබාදීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර ඇති බවයි.
එමෙන්ම, වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ එළඹෙන වසරේ මුල වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා ගුරු හිඟය සම්පූර්ණයෙන් පියවීමට අපේක්ෂා කරන බවයි.