05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසී..? ප්‍රබලයෙක් කියපු දේ මෙන්න.

Report

අද (05) පාර්ලිමේන්තුවේ දී, පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉල්ලීමක් කර ඇත.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ඒ මහතා මේ බව කියා සිටි බව සඳහන් වේ.

05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසී..? ප්‍රබලයෙක් කියපු දේ මෙන්න. | Maithripala Says To Cancel The Scholarship Exam

අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ,  ලෝකයේ සංවර්ධිත රටවල මෙන් පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතු බවයි.

එමෙන්ම තමා ජනාධිපති සමයේදීත් ඊට උත්සාහ කළ බව වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,

''පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලින් පසු 99%ක් දරුවන් ගෙවල්වලට ආවේ අඩාගෙන. ඒ වගේම අම්මලත් අඬන්න පටන් ගත්තා.පහේ ශිෂ්‍යත්ව විභාගයට දරුවන්ට ලියන්න නොහැකි තත්ත්වයේ ප්‍රශ්න පත්‍ර තමා ලැබුණේ කියන එක තමා මේ රටේ දරුවෝ කිව්වේ සෑම තැනින්ම.

ඒ පිළිබඳව විශාල විරෝධයක් ඇති වුණා. මේක අහෝසි කරන්න ඕනේ. ලෝකේ දියුණු රටවල 8 වසරට වෙනකල් වාර විභායක්වත් නෑ. 8 වසරේ දී තමා ළමයි වර්ග කිරීමක් කරන්න පටන් ගන්නේ.

ශිෂ්‍යත්ව විභායට අසමත් වුණාම ඇතැම් දරුවෝ සමාජ මට්ටමක් අධ්‍යාපන මට්ටමක් නැති සමහර දෙමාපියන්ගෙන් හිරිහැරවලට ලක් වෙනවා '' යනුවෙන් ය.

මෙරට පාසල් 11ක් වසා දැමෙයි.. - එකවරම ගත් විශේෂ තීරණය මෙන්න.

මෙරට පාසල් 11ක් වසා දැමෙයි.. - එකවරම ගත් විශේෂ තීරණය මෙන්න.