සරසවි සිසුන් රැසකට ඡන්දය අහිමි වෙයි.
Election Commission of Sri Lanka
Sri lanka election 2024
Sri Lanka election updates
By Wayomi
විශ්ව විද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් පැමිණිල්ලක් ලැබුණු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා.
පැෆරල් සංවිධානය විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇති බවට නිරීක්ෂණය වී ඇත්තේ යාපනය ,රුහුණ සහ කැලණිය විශ්ව විද්‍යාල වල සිසුන් පිරිසකටයි.
ලබන 20 වනදා දවස පුරා අධ්‍යන කටයුතු සිදුකිරීම ඊට හේතු වී ඇති අතර දුර බැහැරව පදිංචි වී සිටින අය එම ගැටලුවට මුහුණ දෙන බවයි අදාල පැමිණිල්ලේ දැක්වෙන්නේ.
ඒ හේතුවෙන් මේ පිළිබඳව සොයා බලා විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව වැඩිදුරටත් එම පැමිණිල්ලේ සඳහන් බවයි වාර්තා වන්නේ.