කැම්පස් තරුණියක් විරෝධතාවයක් අතතුර පොලීසියට රෝස මලක් දෙයි..ඇයට පොලීසියෙන් ලැබුණ දේ මෙන්න.(PHOTOS)

Police Picketing University of kelaniya
By Aruna Apr 08, 2022 11:49 PM GMT
Aruna

Aruna

Report

පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ජනතාව පීඩාවට පත්කෙරෙන කරුණු රැසකට විසඳුම් ඉල්ලා ඊයේ (08) ප්‍රදේශ රැසකදී විරෝධතා සංවිධානය කර තිබුණි.

ඒ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සිදුකරන විරෝධතා පා ගමනක් කැලණියේ සිට ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුව දක්වා පැමිණ තිබුණා.

කෙසේවෙතත් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසලින් පොලීසිය මාර්ග බාධක දැඩි කරමින් විරෝධතාවය අවහිර කිරීමට පියවර ගනු ලැබුවා.

එහිදී එක්තරා තරුණියක් රෝස මලක් අතින් ගෙන පොලිස් මාර්ග බාධක දෙසට ගමන් කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

පසුව ඇය එම රෝස මල පොලිස් නිලධාරියෙක් දෙසට දිගු කළ අතර පොලිස් නිලධාරියෙක් විසින් එම රෝස මල ලබා ගත්තේය.

“ඔයාලටත් නංගිලා.. මල්ලිලා.. අක්කලා..අයියලා ඇති නේ. ඒ වෙනුවෙන් මේ රෝස මල ගන්න,” යනුවෙන් ඇය එහිදී පැවසුවාය.

කෙසේවෙතත් විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පියවර ගනු ලැබුවා.

GalleryGalleryGalleryGallery
ReeCha