කොළඹ සරසවි සිසුන් කුලපති අතින් දුන් උපාධිය ප්‍රතික්ෂේප කළ හැටි (VIDEO)
කොළඹ විශ්ව විද්‍යාලයේ පසුගිය දිනෙක (17)පැවැති උපාධි ප්‍රධානෝත්සවයේදී කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අතින් උපාධිය ලබා ගැනීම විශ්ව විද්‍යාල සිසුන් කිහිප දෙනෙකු විසින් ප්‍රතික්ශේප කර තිබෙනවා.
ආනන්ද හිමි අතින් උපාධිය ලබා ගැනීම ප්‍රතික්ශේප කර කුලපතිනිය අතින් උපාධිය ලබා දෙන ලෙස මෙම සිසුන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නෙ.
නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස පත් කිරීමට එම විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගම් මෙන්ම මහා ශිෂ්‍ය සංගමය ද විරෝධය එල්ල කර ඇත්තේ එය දේශපාලනික පත් කිරීමක් බව සඳහන් කරමින්.
එසේම විශ්ව විද්‍යාල ආරංචිමාර්ග පවසන පරිදි උපාධි උළෙලට පැමිණි ඇතැම් සිසුන්, සම්පූර්ණයෙන්ම කලු වර්ණයෙන් සැරසී විරෝධය ඵල කර තිබෙනවා. මේ අතර, “උපාධි ප්‍රදානෝත්සවයේ ගෞරවය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන්“ බවට සඳහන් කරමින්, විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමියට සිසුන් විසින් ලිපියක් ද ඉදිරිපත් කර තිබුණා.
මේ වන විට මෙම අවස්ථාවේ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වන අතර, එම අවස්ථාව පහතින් බලන්න...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |