විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය නවත්වනවාද?..

Government Employee Sri Lanka Strike Sri Lanka
By Piyumika Jun 15, 2024 09:39 AM GMT
Piyumika

Piyumika

Report

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් තමන් ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර ඇත.

යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව රජයට දන්වා සිටී.

ගිනස් පොතට එක් වූ අපූරු විවාහය ..

ගිනස් පොතට එක් වූ අපූරු විවාහය ..

වර්ජනය අද (15) ක්‍රියාත්මක වන්නේ 45වැනි දිනයට ය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ලේකම් මහේෂ් මෙන්ඩිස් ප්‍රකාශ කරන ලද්දේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ නිහඩතාවය හේතුවෙන් තත්ත්වය තවත් නරක අතට හැරී ඇති බවයි.

තවත් හදුනා නොගත් මළ සිරුරක් හමුවේ..

තවත් හදුනා නොගත් මළ සිරුරක් හමුවේ..

මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් .

“යූජීසී සභාපතිවරයා මුලදී මැදිහත් වුනා නම්, වර්ජනයක් සිදු වන්නෙ නෑ.

අපට තවමත් රජයෙන් ප්‍රතිචාරයක් ලැබී නෑ, “ඒ නිසා විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ඉල්ලා සිටින්නේ රජය මැදිහත් වී කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි.

15% වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් වගකිව යුතු අමාත්‍යවරු දැන් නිහඬයි.

ගැටලු විසඳන තුරු වර්ජනය අත්නොහරින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අවධාරණය කරනවා,” අපිට වැඩවර්ජන කරන්න අවශ්‍ය වුණේ නැහැ, අපිට අවශ්‍ය වුණේ අපේ ඉල්ලීම්වලට විසඳුම් පමණයි.

දැන් රජය කියනවා අපේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඔවුන්ට කිසිවක් කරන්න බැහැ කියලා.

අපිට මේ ස්ථාවරයට එකඟ වෙන්න බැහැ. රජය මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතුයි.

ලේකම්වරයා පැවසීය.