තවත් හදුනා නොගත් මළ සිරුරක් හමුවේ..

Sri Lanka Police Jaffna Sri Lanka Death
By Piyumika Jun 15, 2024 05:02 AM GMT
Piyumika

Piyumika

Report

නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් කයිට්ස් මඩත්තවේලි ප්‍රදේශයේ තිබී හමුව ඇත.

පොලීසිය පැවසුවේ ඊයේ (14) සවස කයිට්ස් පොලීසියට ලද තොරතුරක් මත අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර මෙතෙක් ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නොමැත.

ඇති විය හැකි යුද්ධයක් ගැන භීතිය වැඩි වේ..

ඇති විය හැකි යුද්ධයක් ගැන භීතිය වැඩි වේ..

මෙම පුද්ගලයා අවුරුදු 45ත් 50 අතර උස අඩි 05යි අඟල් 02 ක් පමණ වන අයෙක් බව පොලීසිය පැවසීය .

සිරුර යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර කයිට්ස් පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.