විශ්ව විද්‍යාල පනත සංශෝධනයටත් අනුමැතිය - ගන්න ප්‍රමාණේ පුළුල් කරන්න යයි
විශ්ව විද්‍යාල පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමට 2025 -06-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක මඟින් සකස් කරනු ලැබ ඇති සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇත.
1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතට යෝජිත සංශෝධන අනුව, පීඨාධිපති තනතුරකට පත් කිරීම සඳහා වන සුදුසුකම්වලට අදාළ නිර්ණායක පුළුල් කිරීම මඟින් කුසලතා මත පදනම් වූ තේරීම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා.
ඒ අනුව මෙම යෝජිත සංශෝධන මඟින් විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රධාන අධ්‍යයන පරිපාලන තනතුරු සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයන්ගේ සංචිතය පුළුල් කිරීමටත් එමඟින් ආයතනික පාලනය ශක්තිමත් කිරීමටත් විධි විධාන සලසයි.
එබැවින් එකී පනත් කෙටුම්පත රජයේ ගැසටි පත්‍රයේ පළ කිරීමටත්, පසුව අනුමැතිය වෙනුවෙන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර ඇත.