රටටම ඉන්ධන දෙන්න කොළොන්නාව ටැංකිය ලොකු කරන්න කැබිනට් අනුමැතිය
රටේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කොළොන්නාව නිමාවේ අංක 30 සහ 31 දරන පැරණි ඉන්ධන ගබඩා ටැංකි දෙක ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
මෙම ටැංකි දෙකේ ධාරිතාව මීටර් ඝන 7,000 සහ 15,000 වන අතර, ඒ වෙනුවට නව ටැංකි දෙකක් ඉදිකිරීමට නියමිතය.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPC Terminal) මගින් මේ වන විටත් කොළොන්නාවේ මීටර් ඝන 64,000 ධාරිතාව සහිත නව ටැංකි 6ක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, මුතුරාජවෙල පර්යන්තයේ මීටර් ඝන 40,000 ධාරිතාව සහිත ටැංකි 3ක් ඉදිකිරීමේ ප්‍රසම්පාදන කටයුතු ද ක්‍රියාත්මකය.
මෙම නවීකරණ හරහා ඕනෑම අවස්ථාවක දින 45කට අවම වශයෙන් ප්‍රමාණවත් ඉන්ධන තොගයක් රට තුළ පවත්වාගෙන යාමේ හැකියාව තහවුරු කෙරේ.
මෙම ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේම අරමුදල් භාවිතා කරන බවත්, බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිවූ බවත් රජයේ ප්‍රකාශකයෙක් නිවේදනය කළේය.
මෙම පියවරත් සමඟ රටේ ඉන්ධන ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.