එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..!

United Nations
By Sewvandhi Mar 23, 2023 08:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2050 වසර වනවිට ගෝලීය නාගරික ජනගහනයෙන් අඩකට පානීය ජල අර්බුදයට මුහුණදීමට සිදුවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

2016 වසරේ මිලියන 933ක් වූ ජල හිඟයෙන් පීඩාවට පත් ගෝලීය නාගරික ජනගහනය 2050 වසර වනවිට බිලියන 1යි දශම 7ත් 2යි දශම 4ත් දක්වා ඉහළ යාමේ අවදානම පවතින බවයි 2023 එක්සත් ජාතීන්ගේ ලෝක ජල සංවර්ධන වාර්තාවෙන් අනාවරණය කර ඇත.

පානීය ජල හිඟයෙන් වැඩිම බලපෑමක් එල්ල වන රට බවට ඉන්දියාව පත්වනු ඇති අතර ජල හිඟයට මුහුණ දෙන ගෝලීය නාගරික ජනගහනයෙන් සියයට 80ක්ම ආසියානු රටවල ජනතාව බව ද එම වාර්තාවෙන් පෙන්වාදී තිබේ.

පරිසර දූෂණය, ජලය අපතේ හැරීම හා කාලගුණ විපර්යාස ජල අර්බුදය උග්‍ර වීමට හේතුවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now