හඳුනා නොගත් පියාඹන වස්තූන් ගැන අලුත්ම ආරංචියක්.
By krishani
ඉතිහාසයේ පටන්ම මිනිසා තුළ පවතින්නේ හඳුනා නොගත් පියාඹන වස්තූන් ගැන දැඩි කුතුහලයකි.
අමෙරිකාව වැනි ප්‍රබල රටවල් පිටසක්වල ජීවීන් මෙන්ම පිටසක්වල යානා සම්බන්ධයෙන් තොරතුරු වසන් කරන බවට බොහෝ දෙනෙක් චෝදනා කරයි.
එවන් පසුබිමක් තුළ ගෙවුණු ජූලි මාසයේ දී හඳුනා නොගත් යානා සහ සංසිද්ධීන් සම්බන්ධයෙන් අමෙරිකානු කොංග්‍රස කමිටුවක් හමුවේ කරුණු සලකා බලා තිබෙනවා.
එහිදී කොංග්‍රසය හමුවේ සාක්ෂිකරුවන් තිදෙනෙකු පෙනී සිට ඇත.
ඔවුන් සියලු දෙනා හිටපු ආරක්ෂක අංශ නිලධාරින් වන අතර ඉන් එක් සාක්ෂිකරුවකු වන හිටපු ධවල මන්දිර ආරක්ෂක නිලධාරී ඩේවිඩ් ග්‍රෂ් කියා ඇත්තේ කඩා වැටුණු එක් නාඳුනන යානාවක තිබී මිනිසුන් නොවන නියමුවන් හමු වූ බවයි.
