කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්
පසුගියදා වෙල්යායක සුරතල් සිඟිති දියණියක් දමායාමේ සිදුවීමක් මුලු ලංකාවම කම්පාවට පත්කළ සිදුවීමක් බවටට පත්වුණා. ඒ දේවල් එක්ක මහ මඟ දමා යන දරුවන් පිළිබඳව නිරන්තරයෙන් කතාබහ කරන්න පටන් ගත්තා. ඒ නිසාම පසුගිය කාලෙක මේ ආකාරයෙන් සිදු වුණ තවත් කම්පා සහගත සිදුවීමක් පිළිබඳව සමාජ මාධ්‍යවල නැවත වතාවක් කතා බහ කරන්න පටන් ගත්තා.
මේ කියන්න යන්නේ කාලෙකට කලින් කෝච්චියේ ළමයෙක් දාලා ගියපු අම්මා කෙනෙක් සිදු කළ පාපොච්චාරණයක් ගැනයි.ඇයගේ දරුවා කෝච්චියේ දමා යන්න තීරණය කරනවා. ඉතින් ඇය ඒ ගැන සිදු කරේ මේ මගේ පාපොච්චාරණයක්.
මාධ්‍ය මගින් මේ සිදුවීම දිගින් දිගට වාර්තා කරන විට ඇයගේ මව කවුද යන්න පිළිබඳවත් බොහෝ දෙනෙක් හොයන්න පටන් ගත්තා. ඒ අනුව ඇය පොලිසියට භාරවී ඇති අතර ඇය දීර්ඝ පාපොච්චාරණයක් සිදු කර තිබේ. ඇය සඳහන් කර තිබෙන ආකාරයට ඇය සහ දියණියගේ පියා එහෙමත් නැත්නම් ඇගේ පෙම්වතා සමග ඇය විවාහ වී නැත.
ඒ අතරතුර ඇය ගැබ් ගත් නිසා ඇයට මේ පිළිබඳව ගෙදරට කියන්නත් හැකියාවක් තිබිලා නැහැ.ඒ හේතු කාරණා නිසා කුලියට කාමරයක් ඇරගෙන ඇය දරුවා ලැබෙනකන් ඒ කාමරේ ඉඳලා තියෙනවා. ඒ කාලසීමාවේ කන බොන ටික ගෙනත් දීලා තියෙන්නේ ඇගේ පෙම්වතා.
ඊට පස්සේ දරුවා ලැබෙනවා.දරුවා ලැබුණට පස්සේ ටික දවසක් ඇය ගාව තියාගත්තට පස්සේ තමයි දෙන්නම කතා කරලා දරුවාව මේ විදිහට මහ මඟ දමා යන්න තීරණය කරන්නේ. එහෙම තීරණය කරේ ඇයිද කියලා අහපු අවස්ථාවක ඇය කීවේ කවුරුහරි කෙනෙක් අරන් ගිහින් හදා ගනියි කියලා හිතුනා කියලයි.
මොකද දෙන්නම විවාහ වෙලා නැති නිසා ගෙවල් වලටත් කියන්න බය නිසා දරුවව හදාගන්න බැහැ කියලා යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.
පොලිසියට බාර වුණු ඇය සඳහන් කරන්නේ කෙසේ හෝ ඇය දියණියව හදාගන්න කැමතියි කියලයි. ඒ වගේම මට මගේ දරුවාව ඕනි මහත්තයෝ යනුවෙනුත් ඇය බැගෑපත් වී ඇති බවට සඳහන් වෙනවා. අනතුරුව දෙදෙනාම විවාහ වී දරුවාව හදා වඩා ගැනීමට කැමති බව පවසා ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ ටික කාලෙකට කලින් සිදුවන සිදුවීමක්.නමුත් පසුගිය දවසක කුඹුරක දමා ගිය බිළිදියගේ මව තවම පොලිසියට බයවී නැත.පොලිසියෙන් කීප අවස්ථාවක්ම ඉල්ලීම් සිදු කරත් තව වනතුරු තොරතුරක් ලැබී නැත.
